26.4 C
Colombo
Monday, August 25, 2025

චීන – ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා හමු වෙයි. ඒ ඊයේ (23) චීනයේ බෙයිජිං හිදී ය.

තීරුබදු අනිසි ලෙස භාවිත කිරීමෙන් ඇමරිකාව ජනතාවගේ සහයෝගය අහිමි කරගෙන ඇති බවත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් හුදකලා වී ඇති බවත් Wang Yi මහතා එහිදී පෙන්වා දුන්නේය. බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් පවත්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව කවරදාටත් වඩා එක්සත් විය යුතු බව ඔහු පැවසීය. දෙරට නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කරමින් දෙරට පොදු අවශ්‍යතා ආරක්ෂා කොට කලාපීය හා ලෝක සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉරානය සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Yi මහතා කියාසිටියේය.

චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ඉරානය විශාල වැදගත්කමක් ලබා දෙමින් එකම චීනය යන මූලධර්මයට අනුගත වන අතර චීනයේ මූලික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා තම රට සහාය දෙන බව Abbas Araqchi මහතා එහිදී පැවසීය. ඇමරිකාවේ තීරුබදු අනිසි භාවිතය සහ ඒකපාර්ශ්වික බාධා කිරීම් හමුවේ, ඒකපාර්ශ්විකත්වයට සහ අධිපතිවාදයට විරුද්ධ වෙමින් බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම සඳහා චීනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ඉරානය සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය.

ඊට අමතරව, ඉරාන න්‍යෂ්ටික ගැටළුවේ නවතම තත්ත්වය පිළිබඳව ද දෙපාර්ශ්වය එහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here