26 C
Colombo
Friday, August 22, 2025

චීන ඉතාලි මානව සංස්කෘතික හුවමාරු වැඩසටහනක් රෝමයේදී

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සහ ඉතාලිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වන සංවත්සරය සැමරීම පිළිබඳ  සංස්කෘතික හුවමාරු වැඩසටහන පැවැත්වේ. චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන ඊයේ(25) රෝමයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong, ඉතාලි අධ්‍යාපන අමාත්‍ය Giuseppe Valditara, ඉතාලියේ චීන තානාපති Jia Guide යන මහත්වරු මෙන්ම, දෙරටේ දේශපාලන, ආර්ථික, කලා, ක්‍රීඩා, මාධ්‍ය සහ චිත්‍රපට යන ක්ෂේත්‍රවල 200 කට අධික නියෝජිත පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

චීනය සහ ඉතාලිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වන සංවත්සරය නිමිත්තෙන්, දෙරට අතර සංස්කෘතික හුවමාරු මට්ටම තවදුරටත් වැඩිදියුණු කිරීමට චීන මාධ්‍ය සමූහය සහ ඉතාලියේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ ඒ ආශ්‍රිත ආයතන, ක්‍රීඩා ඉසව් විකාශය, චිත්‍රපට සහ රූපවාහිනී ඒකාබද්ධ නිෂ්පාදනය, ලෝක උරුම ස්ථානය පිළිබඳ මිත්‍ර සබඳතා ගොඩනැගීම, තාක්ෂණික හුවමාරු, කාර්මික සහයෝගීතාව සහ මානව පුහුණුව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා රාශියක් ආරම්භ කිරීම එහිදී සිදුවිය. මෙම වැඩසටහනේදී, “2025 ඉතාලියේ චීන චිත්‍රපට සතිය” දියත් කිරීම විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here