චීන ව්‍යාවසායයන්ට එරෙහි ව ඇමරිකාව මෑතක දී ගෙන ඇති වෙළඳ සීමා රැසක් චීන-ඇමරිකා වෙළඳ සාකච්ඡා ප්‍රගතීන්ට හානි කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
එම සාකච්ඡා පැවැත්වුව ද ඇමරිකාව එය නොසලකා මෑතක දී සැලසුම් සහගත ව පියවර 20ක් ඔස්සේ අඛණ්ඩ ව චීනයට පීඩා එල්ල කර ඇත. චීන ව්‍යවසායයන් රැසක් එරට ඒකක පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීම, චීන නෞකා නිෂ්පාදනයට එරෙහි ව වරාය ගාස්තු පැනවීම ඊට ඇතුළත් බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා He Yongqian මහත්මිය ඊයේ(16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය.
ඇමරිකාවේ එවැනි ක්‍රියාවන්ට දැඩි විරුද්ධ වන චීනය, ඊට ප්‍රතිචාරයක් ලෙස එරටට අදාළ යාත්‍රා සඳහා නීති-රීතිවලට අනුව විශේෂ වරාය ගාස්තු ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබේ. දෙරට අතර වෙළඳ සාකච්ඡවලින් ලබා ඇති ප්‍රගතීන් වැදගත් කොට සලකන ලෙසත් සිය අනිසි ක්‍රියාවන් වහාම නතර කරන ලෙසත් සමානාත්මතාවය මත සංවාද මගින් මතභේද නිරාකරණය කර ගන්නා ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
මේ අතර, චීන රජය පසුගිය දා නිකුත් කළ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයන පාලන පියවර, සිය අපනයන පාලන පද්ධතිය වැඩිදියුණු කිරීමේ විධිමත් ක්‍රියාවක් බව ඇය කියා සිටියාය. මේ යටතේ, සිවිල් භාවිතයට යෙදවීමේ අරමුණින් නීත්‍යනුකූල අපනයන ඉල්ලුම් සම්මත කෙරේ. අදාළ පාලනයෙන් තොරව එවැනි පියවර පහසුකරණය සඳහා ද චීනය කටයුතු කරනු ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

