චීන-ඇමරිකානු ව්‍යාපාරික සහයෝගිතා වැඩසටහනේ 20 වැනි සංවත්සර උත්සවය පසුගිය 9 වැනිදා බෙයිජිං නගරයේදී පැවැත්විණ. එම උත්සවය සංවිධාන කෙරුණේ චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන සංගමය, චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර වෙළඳ පරිපාලනය විසිනි. දෙරටේ ව්‍යාපාරික නියෝජිතයින් 250කට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ. ඇමරිකානු ව්‍යවසායන් සඳහා චීන වෙළඳපොලේ විශාල අවස්ථා පවතිනු ඇතැයි ඇමරිකානු ව්‍යවසායන්ගේ විශ්වාසය බව චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපති Michael Hart මහතා එම අවස්ථාවේදී පැවසීය.

