26 C
Colombo
Friday, August 22, 2025

චීන අර්ධ සන්නායක කර්මාන්තය පිළිබඳ ඇමරිකානු විමර්ශනයට චීනයේ විරුද්ධත්වය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අර්ධ සන්නායක කර්මාන්තය සඳහා චීනයේ ප්‍රතිපත්ති පිළිබඳව ඇමරිකාවේ 301 වගන්තිය විමර්ශනය සම්බන්ධයෙන් චීනය සිය අසතුට පළ කරන අතර ඊට දැඩි ලෙස විරුද්ධත්වය පළ කරයි.

විමර්ශනය ගෝලීය අර්ධ සන්නායක කාර්මික සහ සැපයුම් දාම කඩාකප්පල් කර විකෘති කරනු ඇති අතර ඇමරිකාවේ ව්‍යාපාර සහ පාරිභෝගික අවශ්‍යතාවලට හානි කරනු ඇති බව චීන වාණිජ අමාත්‍යංශය ඊයේ (23) සඳහන් කළේය.

චිප්ස් සහ විද්‍යා පනත වැනි නීති මගින් ඇමරිකාව තමන්ගේම චිප් කර්මාන්තයට සැලකිය යුතු සහනාධාර ලබා දී ඇත. එරට අර්ධ සන්නායක සමාගම් ගෝලීය වෙළපොලෙන් ආසන්න වශයෙන් 50%ක් පමණ වන අතර සංසන්දනය කිරීමේ දී චීනයේ නිෂ්පාදිත චිප්, ඇමරිකානු වෙළඳපොල කොටසින් 1.3%ක් පමණක් වේ. ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ මෑත වාර්තාවක් උපු‍‍ටා දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය පැවසුවේ එරටට චීනයෙන් චිප් ආනයනය ඇමරිකාවේ අපනයනය කිරීමට වඩා සැලකිය යුතු ලෙස අඩු බවයි.

අදාළ කරුණු සහ බහුපාර්ශ්වික නීතිවලට ගරු කරන ලෙසත්, එහි වැරදි භාවිතයන් වහා නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. විමර්ශනයේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන අතර තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here