චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(8) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. චීන-අප්‍රිකා සබඳතාව සංවර්ධනයේ සාර්ථක අත්දැකීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
චීනය හා අප්‍රිකාව අතර රාජ්‍යතන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් වසර 70කින් පසු දෙපාර්ශ්වය සැමවිටම අන්‍යෝන්‍ය අවබෝධය සහිතව එකිනෙකාට සහාය දෙමින් සිටින බව ඇය ප්‍රකාශ කළාය. දෙපාර්ශ්වය ජාත්‍යන්තර සබඳතාව සඳහා නව ආකාරයේ ආදර්ශයක් බිහිකර ඇති අතර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේදී මුල් පෙළේ සිටී.
අප්‍රිකාව සමග සබඳතාව ඉතා වැදගත් කොට සලකන චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සත්‍යය හා අවංකභාවය යන දැක්ම මත අප්‍රිකාව වෙත ප්‍රතිපත්ති සංකල්පය හා නිවැරදි ප්‍රතිලාභී සංකල්පය ඉදිරිපත් කර ඇත. චීනය සහ අප්‍රිකාව අතර මිත්‍රශීලී සහයෝගීතාවයේ ආත්මය ප්‍රචාරය කරමින් හෙතෙම චීන-අප්‍රිකා සබඳතා ඉදිරියට ගෙන යාමට මඟ පෙන්වා ඇත. චීන-අප්‍රිකා මිත්‍රශීලී සහයෝගීතාවයේ ආත්මය දෙපාර්ශ්වයේ සහයෝගිතා සාර්ථක්වයේ සාර්ථකත්වයේ රහසක් බවට පත්ව ඇතැයි ද ඇය කීවාය.
අප්‍රිකාව ජාත්‍යන්තර සහයෝගිතාවේ දැවැන්ත වේදිකාවකි. අප්‍රිකාවේ ස්වාධිපත්‍යයට ගරු කිරීම මත ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව චීනය අප්‍රිකාවේ සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය වෙනුවෙන් වඩාත් වැඩි සක්‍රිය දායකත්ව ලබා දීමට කැමැත්තෙන් සිටින බවද Mao Ning මහත්මිය සඳහන් කළාය.

