26 C
Colombo
Friday, August 22, 2025

චීන-අප්‍රිකා ආර්ථික වෙළඳ ප්‍රදර්ශනය චීනයේ Changsha නගරයේ දී ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන-අප්‍රිකා ආර්ථික වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (12) චීනයේ Hunan පළාතේ Changsha නගරයේ දී ඇරඹිණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා එම ප්‍රදර්ශනයට එක් වෙමින් දේශනයක් සිදු කළේය.

එමෙන්ම , උගන්ඩා අගමැතිනිය, ලයිබීරියානු උප ජනාධිපතිවරයා , කෙන්යා විදේශ අමාත්‍යවරයා ද එම ප්‍රදර්ශනයට සහභාගී වෙමින් දේශන පැවැත්වූහ.

චීන-අප්‍රිකා ආර්ථික වෙළඳ ප්‍රදර්ශනය, චීන ජනපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළ අප්‍රිකාව සමඟ සහයෝගිතා පැවැත්වීමේ වැදගත් පියවරක් බව වං යී මහතා ප්‍රකාශ කළේය. චීන – අප්‍රිකා පරිපාලන හා දේශපාලන ක්ෂේත්‍රයේ අදහස් හුවමාරු කිරීම තවදුරටත් ව්‍යාප්ත කළ යුතු යැයිද හෙතෙම කීය. චීන – අප්‍රිකා සංවර්ධන උපායමාර්ගයන් සම්බන්ධීකරණය තහවුරු කළ යුතු ය. එමෙන්ම, අප්‍රිකාව වෙත විවෘතභාවය ව්‍යාප්ත කිරීම ප්‍රවර්ධනය කරමින් පොදු සංවර්ධන ආර්ථීක හවුල්කාරී සබඳතාව පිළිබඳ ගිවිසුම සාකච්ඡා කිරීම, ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීම යන කරුණු හෙතෙම එහිදී අවධාරණය කළේය.

මෙවර ප්‍රදර්ශනයට චීන සහ අප්‍රිකානු ව්‍යවසායයන් 4,700 කට ආසන්න සංඛ්‍යාවක් සහ දෙස් විදෙස් නියෝජිතයෝ 30,000 කට අධික පිරිසක් සහභාගී වූහ. මූලික වශයෙන් එකඟාවන්ට එළඹි සහයෝගීතා ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 11 කට අධිකය.

ඊට අමතරව, වං යී මහතා ඊයේ 4 වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහ චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකාරකවරුන්ගේ අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහභාගී වීම සඳහා චීනයට පැමිණි අප්‍රිකානු නායකයන් ද හමුවී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here