26.4 C
Colombo
Tuesday, August 26, 2025

චීන අග්‍රාමාත්‍යවරයා කේන්යා සහ අසර්බයිජාන ජනාධිපතිවරුන් හමුවෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා කෙන්යා ජනාධිපති විලියම් රුටෝ මහතා බෙයිජිං නුවරදී හමුවෙයි. ඊයේ(23) සිදුවූ මෙම හමු‍වේදී චීන අගමැතිවරයා සඳහන් කළේ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශ යටතේ මෑත වසරවලදී චීන කෙන්යා සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බවයි. විවිධ ක්ෂේත්‍රවල ඵලදායී ප්‍රතිඵල සමගින් දෙරටේ ජනතාවට සුබ සෙත සැලසී තිබේ. පරිපූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය අඛණ්ඩව ඉහළ නැංවීම සහ සියළු අංශවල අ‍න්‍යෝන්‍ය සහයෝගිතා පුළුල් කරමින් නවීකරණය ඉදිරියට ගෙනයාම ‍වෙනුවෙන්  කෙන්යාව සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බවද හෙතෙම පැවසීය. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය යටතේ ගෝලීය දකු‍ණේ සුවිශේෂී බලයන් ලෙසට චීනය හා කෙන්යාව වඩාත් සමීපව එක්සත් වී දුෂ්කාරතාවන් මැඩලමින් සංවර්ධනය හා සෞභාග්‍යය එක්ව ප්‍රවර්ධනය කළ යුතු බවද චීන අගමැතිවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ කෙන්යා ජනාධිපතිවරයා පැවසුවේ කෙන්යාව එකම චීනය ප්‍රතිපත්තියේ දැඩිව එල්බ සිටින අතර තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙසට සලකන බවයි.

එක් තීරයක් එක් මාවතක් යටතේ සංවර්ධන උපාය මාර්ගයන් ක්‍රියාවට නැංවීමට කෙන්යාව අපේක්ෂාවෙන් සිටින බවද කෙන්යා ජනාධිපති විලියම් රුටෝ මහතා පැවසීය. කෙන්යා ජනාධිපතිවරයාගේ බෙයිජිං සංචාරය අතරතුර මෙම හමුව සිදුවිය.

මේ අතර චීනයේ නිල සංචාරයක නිරත අසර්බයිජාන ජනාධිපති Ilham Aliyev මහතා සහ චීන අගමැතිවරයා අතර හමුවක් ද ඊයේ( 23)  සිදුවිය. එහිදී අදහස් දැක්වූ චීන අගමැතිවරයා පැවසුවේ වසර 33කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කළ දා සිට චීනය හා අසර්බයිජානය එකිනෙකාට ගරුකරමින් සමාන ආකාරයෙන් සලකා ක්‍රියා කර ඇති බවයි.

ප්‍රායෝගික සහයෝගතාවන් අඛණ්ඩව පුළුල් වෙමින් පවතින බවද හෙතෙම පැවසීය. ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය වර්ධනය වෙමින් පවතින පසුබිමක ගෝලීය ආර්ථික අවපාතයක අවදානමක් ද මතුව තිබේ. එවැනි තත්ත්වයක් යටතේ එක්සත් ජාතීන් වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ අසර්බයිජානය සමග සංනිවේදන හා සම්බන්ධීකරණ අඛණ්ඩව ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බවද චීන අගමැතිවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අසර්බයිජාන ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර කටයුතු වලදී චීනය ඉටු කරන සුවිශේෂී මෙහෙවර අසර්බයිජානය ඉහළින් අගය කරන බවයි. ගෝලීය මුලපිරුම් තුන සඳහා සහාය පළ කරන අසර්බයිජානය බහුපාර්ශ්වික රාමු තුළ චීනය සමග සංනිවේදන හා සහයෝගතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවද අසර්බයිජාන ජනාධිපති Ilham Aliyev මහතා පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here