වසර පහකට පසු චීනය හා වියට්නාමය අතර ජාත්‍යන්තර මගී දුම්රිය සේවා යළි ඇරඹේ.
අංක T8701 දරන මගී දුම්රිය ඊයේ (25) චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ Nanning නගරයෙන් පිටත් වී වියට්නාමයේ හැනොයි නගරය වෙත ගමන් කර ඇත.වසර පහකට පසු චීන-වියට්නාම ජාතාන්තර මගී දුම්රිය සේවා යළි ක්‍රියාත්මක කිරීම ඒ අනුව සනිටුහන් කෙරිණ.
එම දුම්රිය ගමන සෑම දිනකම බෙයිජිං වේලාවෙන් 18.05 ට Nanning දුම්රිය ස්ථානයෙන් පිටත් වී පසුදින උදෑසන 6.30 ට වියට්නාමයේ හැනොයි (Huyện Gia Lâm ) දුම්රිය ස්ථානයට ළඟා වේ. එමෙන්ම සෑම දිනකම රාත්‍රී 22.20 ට වියට්නාමයේ හැනොයි (Huyện Gia Lâm ) දුම්රිය ස්ථානයෙන් පිටත් වී චීනයේ Nanning දුම්රිය ස්ථානයට පසුදින උදෑසන 10.06 ට ළඟාවේ. එහි ධාවන වේලාව මගීගේ රාත්‍රී නවාතැන් වියදම ඉතිරි කිරීමට හේතුවන බැවින් අන්තර් ජාතික සංචාරය හා වාණිජ සංචාරයට ඉන් පහසුකම් සැලසේ.
පසුගිය 2009 වසරේ ජනවාරි මස පළමුදා චීනයේ Guangxi ස්වායත්තයේ Nanning නගරයේ සිට වියට්නාමයේ හැනොයි නගරය දක්වා ජාත්‍යන්තර මගී දුම්රිය සේවා ආරම්භ කෙරිණ.2020 වසරේ පෙබරවාරි මස එම දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවිණ. චීන-වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය හෙවත් මානව හා සංස්කෘතික හුවමාරු වසර මෙම වසරට යෙදෙයි.අන්තර් දේශසීමා දුම්රිය ධාවන පිළිබඳ සහයෝගිතා ව්‍යාපෘතිය සඳහා අන්තර් රාජය ගිවිසුම ඵලදායිකව ක්‍රියාත්මක කරමින් චීන-වියට්නාම අන්තර් දේශසීමා දුම්රිය මාර්ග සබදතාව දෙපාර්ශ්වය විසින් ප්‍රවර්ධනය කෙරේ.