28 C
Colombo
Monday, August 25, 2025

චීනය හා කොලොම්බියාව අතර සබඳතා තවදුරටත් තර කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කොලොම්බියා ජනාධිපති Gustavo Petro මහතා හමුවෙයි. අද(14) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී එම සිදු විය.චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට සහභාගී වීමට Gustavo Petro මහතා චීනයට පැමිණ සිටී.

කොලොම්බියාව ලතින් ඇමරිකාවේ වැදගත් රටකි.චීනය සැම විටම උපායමාර්ගික හා දිගුකාලීන ඉදිරි දර්ශනයකින් චීන-කොලොම්බියා සබඳතාවේ සංවර්ධනයට අවධානය යොමු කරන බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය.දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමක් කරන දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික සබඳතාව සංවර්ධන දිශානතිය ස්ථිර ලෙස ග්‍රහණය ගත යුතු ය.කොලොම්බියාවේ ගුණාත්මකභාවයෙන් යුතු භාණ්ඩ වැඩි වශයෙන්     ආනයන කිරීමට චීනය කැමැත්තෙන් සිටී.චීන ව්‍යවසායන් කොලොම්බියාවේ ආයෝජනය කරමින් එහි යටිතල පහසුකම් ඉදිකිරීම්වලට එක්වීමට චීනය සහය ලබා දෙන බවද හෙතෙම පැවසීය.සුළං විදුලිය, විදුලි මෝටර් රථ, ඩිජීටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය යන නව ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා තවදුරටත් ව්‍යාප්ත කරමින් හරිත මෙන්ම අඩු කාබන් ව්‍යුහය වෙනස් කිරීම පොදුවේ සාක්ෂාත් කිරීමට හැකිවනු  ඇති බවද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවේ සාර්ථකව පැවැත්වීම මගින් ලෝකයට පොදු සංවර්ධනය හා පුනරුත්ථාපනය සොයා ගැනීමේ සක්‍රිය සංඥාවක් නිතුක් කර ඇත.චීනය කොලොම්බියාව ඇතුළු ලතින් ඇමරිකානු රටවල් සමඟ එක්ව පොදු ඉරණමක් සහිත චීන ලතින් ඇමරිකා ප්‍රජාව ගොඩනැගීම අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ජනතාවට වඩා වැඩි වාසි ලබාදිය හැකි බවද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

දෙපාර්ශ්වය දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර අන්‍යෝන්‍ය අනුබල ශන්තිමක් කරනු ඇති බව කොලොම්බියා ජනාධිපති Gustavo Petro මහතා එම හමුවේදී ප්‍රකාශ කළේය.එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම, වෙළඳාම ප්‍රවර්ධනය, යටිතල පහසුකම්, නව බලශක්ති සම්පත්, කෘත්‍රීම බුද්ධිය යන ක්ෂේත්‍රවල දෙරටේ පවතින සහයෝගිතා ව්‍යාප්ත කිරීමෙන් ජන ජීවිත යහපත් කිරීමට හැකිවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. චීනය සමඟ සමීපව සම්බන්ධීකරණ පවත්වමින් ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය සුරක්ෂිත කර සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ජයග්‍රහණ සහතික කිරීමට කොලොම්බියාව කැමැත්තෙන් සිටින බවද කොලොම්බියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

සාකච්ඡාවෙන් පසු දෙරටේ නායකයන් දෙපළ ඉදිරියේ චීන මහජන සමූහාණ්ඩුව සහ කොලොම්බියාව සේද මාවතේ ආර්ථික තීරය හා 21 වන සියවසේ මුහුදු සේද මාවත සහයෝගිතා සැලසුම පිළිබඳ ලේඛනයන්ට අත්සන් තැබීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here