26.4 C
Colombo
Monday, August 25, 2025

චීනය සිය ප්‍රථම පාරිසරික සංග්‍රහ කෙටුම්පත එළි දක්වයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සිය ප්‍රථම පාරිසරික සංග්‍රහ කෙටුම්පත ඊයේ (27) දින එළි දැක්වීය. සිය රට තුළ හරිත ක්‍රියාන්විතයෙහි ද සැලකිය යුතු ප්‍රගතියක් වෙනුවෙන් සූදානමින් සිටින පසුබිමක මෙම එළි දැක්වීම සිදුවීම කැපී පෙනෙන්නකි.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව වෙත පළමු කියවීම සඳහා ඉදිරිපත් කරන ලද මෙම කෙටුම්පත, සාමාන්‍ය විධිවිධාන, දූෂණය වැළැක්වීම සහ පාලනය, පාරිසරික ආරක්ෂාව, හරිත සහ අඩු කාබන් සංවර්ධනය, නීතිමය වගකීම් සහ අතිරේක විධිවිධාන ඇතුළු පරිච්ඡේද පහකින් සහ ලිපි 1,188 කින් සමන්විත වේ.

මෙම පාරිසරික සංග්‍රහය සම්පාදනය කිරීමේ කටයුතු 2023 වසරේ දී ආරම්භ වූවක් වන අතර, එය ඉදිරියේ දී සම්මත වූ පසු, 2020 වසරේ දී සම්මත කරන ලද සිවිල් සංග්‍රහයෙන් පසු චීනයේ දෙවන විධිමත් ව්‍යවස්ථාපිත සංග්‍රහය බවට පත්වනු ඇත.

අප්‍රෙල් මස 27 වන දින සිට ලබන 30 වන දින දක්වා පැවැත්වීමට නියමිත චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සැසි වාරයේදී, නීති සම්පාදකයින් විසින් අදාළ පාරිසරික සංග්‍රහයේ කෙටුම්පත සහ අනෙකුත් ව්‍යවස්ථාදායක පනත් කෙටුම්පත් සමාලෝචනය කරනු ඇත.‍

මෙම කෙටුම්පත හරිත සහ අඩු කාබන් සංවර්ධනය සඳහා චීනයේ සමස්ත අවශ්‍යතා ගෙනහැර දක්වන්නකි.

එහිදී දේශගුණික විපර්යාස සහ පාරිසරික කාබන් තත්තව හා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් මෙය මූලධර්ම සහ මාර්ගෝපදේශක විධිවිධාන ස්ථාපිත කරන අතර, ජාත්‍යන්තර‍ සහ දේශීය තත්වයන් සඳහා අනුවර්තනය වීමේ අවශ්‍යතාව පිළිබඳව ද පූර්ණ සැලකිල්ලක් දක්වනු ලබයි.

තවද නව කෙටුම්පතට අනුව චීනය, දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතා‍ සහ ගෝලීය දේශගුණික පාලන ප්‍රයත්න සඳහා සිය සහභාගීත්වය දක්වමින් ඊට නායකත්වය ද දෙනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here