28 C
Colombo
Wednesday, February 25, 2026

චීනය සහ සිංගප්පූරුව BRI නවෝත්පාදනය පිළිබඳ සමීප සහයෝගිතාවකට එළඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සහ සිංගප්පූරුව අතර සහයෝගිතාව පුළුල් කිරීමට එකඟත්වය පළ වෙයි.

චීන උප අගමැති Ding Xuexiang මහතා සහ සිංගප්පූරු නියෝජ්‍ය අගමැති Gan Kim Yong මහතා සම සභාපතිත්වය දරමින් චීනයේ චොංචිංහි පැවති රැස්වීම් හතරකට එක් වූහ. එහිදී කලාපීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය වර්ධනය කරමින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඊයේ(15) දෙපාර්ශ්වය ප්‍රතිඥා දුන්හ.

රැස්වීම් අතරතුර, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධ කිරීම, ජාතික මට්ටමින් ද්විපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘති සහ ආර්ථික, වෙළඳ, තිරසර සංවර්ධනය, නවෝත්පාදනය, මූල්‍ය, මහජන සෞඛ්‍ය, මානව මෙන්ම සංස්කෘතික හුවමාරු වැනි ක්ෂේත්‍රවල සහයෝගිතා පිළිබඳව ඔවුන් ගැඹුරින් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මඟපෙන්වීම සහ නිවැරදි දේශපාලන දැක්ම හේතුවෙන් චීන-සිංගප්පූරු සබඳතාවන් දිගුකාලීන, ස්ථාවර සංවර්ධනයක් කරා ගමන් කරන බව Ding Xuexiang මහතා එහිදී පෙන්වා දුන්නේය.

දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කරමින් එකිනෙකාගේ මූලික අවශ්‍යතාවන්ට ගරු කළ යුතු බව ඔහු පැවසීය.

සිංගප්පූරුව චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීමට විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, එකම චීනය යන මූලධර්මයට දැඩි ලෙස අනුගත වන අතර ඊනියා “තායිවානයේ ස්වාධීනත්වයට” විරුද්ධ වන බවත් Gan Kim Yong මහතා සඳහන් කළේය. සියලු ක්ෂේත්‍රයන්හි හුවමාරු ඉහළ නැංවීමට සහ ද්විපාර්ශ්වික සබඳතාවල වැඩි දියුණුව ප්‍රවර්ධනය කිරීමට සිංගප්පූරුව චීනය සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here