26.7 C
Colombo
Wednesday, February 25, 2026

චීනය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව “අප්‍රිකානු නවීකරණයට සහාය වීමේ සහයෝගීතා මුලපිරුම” නිකුත් කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව “අප්‍රිකානු නවීකරණ සහාය වීමේ සහයෝගීතා මුලපිරුම” නිකුත් කරයි. ඊයේ (23) G20 නායකයින්ගේ සමුළුව අතරතුර එය නිකුත් කෙරිණ.

අප්‍රිකානු සංගමයේ “Agenda 2063: The Africa We Want” සහ එහි මූලික දැක්ම හත ක්‍රියාත්මක කිරීමට මෙන්ම අප්‍රිකානු මහාද්වීපික නිදහස් වෙළඳ කලාපය ගොඩනැගීමට දෙපාර්ශ්වයම සහාය දක්වන බව එම මුලපිරුමේ සඳහන් වෙයි. චීන මාදිලියේ නවීකරණය අප්‍රිකාව ඇතුළු ගොලීය දකුණේ නවීකරණය වෙනුවෙන් නව ප්‍රවේශයක් ලෙසට දෙපාර්ශ්වය පිළි ගනී. චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා තිබෙන අප්‍රිකානු රටවල් 53 නේ නිෂ්පාදනවලින් 100% ක් සඳහා ශුන්‍ය තීරුබදු චීනය ප්‍රකාශයට පත් කිරීම දෙපාර්ශ්වයම බෙහෙවින් අගය කරන බව එම මුලපිරුමේ දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ප්‍රතිසංස්කරණ වේගවත් කරන ලෙසත්, අප්‍රිකානු රටවලට තාක්ෂණික සහාය වැඩි කරන ලෙසත් චීන සහ දකුණු අප්‍රිකානු රජයන් එම මුලපිරුමෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

අප්‍රිකානු රටවලට සිය තත්ත්වයන්ට ගැලපෙන නවීකරණ මාර්ග ස්වාධීනව ගවේෂණය කිරීමට සහ තිරසර සංවර්ධනයක් අත්කර ගැනීමට සහාය වීම එම මුලපිරුමේ අරමුණ වී තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here