26.1 C
Colombo
Tuesday, February 24, 2026

චීනය න්‍යෂ්ටික පිපිරුම් පරීක්ෂණ සිදු කර ඇති බවට ඇමරිකාව නගන‍ චෝදනාව ප්‍රතික්ෂේප කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය න්‍යෂ්ටික පිපිරුම් පරීක්ෂණ සිදු කර ඇති බවට ඇමරිකාව නගන‍ චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව එක්සත් ජාතීන් හා වියානා හී සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත ලී සොන්ග් මහතා පවසයි.

ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Thomas DiNanno ජිනීවා හී පැවති අවිහරණ සමුළුවකදී අදහස් දක්වමින් 2020 වසරේ ජූනි මාසයේදී චීනය න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීමක් සිදු කර ඇති බවට චෝදනා කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පරිපූර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් සම්මුති සංවිධානයේ විධායක ලේකම්වරයා පැවසුවේ එම කාලයේදී න්‍යෂ්ටික අවි පිපිරුම් ආකාරයේ අත්හදා බැලීමක් සිදු කර ඇති බවට තම සංවිධානයේ ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතියට කිසිවක් හසු නොවූ බවයි.

මෙමගින් චීනයට එරෙහිව ඇමරිකාව සිදු කර ඇති චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව පැහැදිලි යැයි ලී සොන්ග් මහතා පැවසීය. එය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත මෙන්ම තම න්‍යෂ්ටික අත්හදා බැලීම් යළි ඇරඹීමට ඇමරිකාව විසින්  ගොතන ලද ප්‍රකාශයක් යැයිද හෙතෙම කීය.

චීනය පරිපූර්ණ න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් සම්මුතියට අත්සන් තැබූ මුල්ම රටකි. චීනය එම සම්මුතියේ අන්තර්ගතයට පූර්ණ සහාය අඛණ්ඩව පළකර ඇත. න්‍යෂ්ටික අවි රැසකට හිමිකම් කියන ඇමරිකාව න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ විශේෂ හා ප්‍රමුඛ වගකීම් සම්පූර්ණ කළ යුතු බවද ලී සොන්ග් මහතා අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here