චීනය අද(27) නව පරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කර ඇත. ඒ චීනයේ Gansu පළාතේ Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙනි.
Shiyan-33 නමැති මෙම චන්ද්‍රිකාව බෙයිජිං වේලාවෙන් 12:11ට Long March-3C වාහක රොකට්ටුව ආධාරයෙන් නිකුත් කෙරුණු අතර නියමිත කක්ෂයට ප්‍රවේශ වී ඇත. අභ්‍යවකාශ පරිසර ගවේෂණ සහ ඊට අදාළ තාක්ෂණික පරීක්ෂණ සඳහා සහාය සැපයීම මෙම චන්ද්‍රිකාවේ අරමුණයි.
මෙය Long March වාහක රොකට් මාලාවේ 635 වන ගමනයි.

