28.2 C
Colombo
Tuesday, August 26, 2025

චීනයේ Xuelong නෞකාව ඇන්ටාක්ටික් ගවේෂණයේ ප්‍රධාන මෙහෙයුම් සම්පූර්ණ කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇන්ටාක්ටික් කලාපයේ ‍ගවේෂණ කටයුතු සඳහා එක්ව සිටි චීනයේ Xuelong නම් පර්යේෂණ නෞකාව එහි ප්‍රධාන මෙහෙයුම් සාර්ථකව සම්පූර්ණ කරයි.

2024 වසරේ නොවැම්බර් මස 01 වන දින දකුණු චීන මුහුදේ ග්වැංඩොං පළාතේ ගුවන්ෂු අගනුවර සිට ඇන්ටාක්ටික් දක්වා ගමන් ආරම්භ කළ Xuelong නෞකාව නාවික සැතපුම් 27,000 ඉක්ම වූ දුරක් ආවරණය කරමින් ඊයේ (08) දින යළි ශැංහයි වෙත පැමිණ‍ තිබේ.

ඒ ඇන්ටාක්ටික් කලාපයේ දින 159ක ගවේෂණ චාරිකාවක් අවසන් කරමිනි.

මෙම ගවේෂණය පිළිබඳ අදහස් දක්වමින් ඊට එක් වූ පර්යේෂණ කණ්ඩා‍යමේ නා‍යක Wang Jinhui මහතා ප්‍රකාශ කළේ, ඇන්ටාක්ටිකාවේ පිහිටි Qinling චීන පර්යේෂණ මධ්‍යස්ථානයේ බලශක්ති ගබඩා පහසුකම් පිළිබඳවත් ඒ ආශ්‍රිතව පිරිසිදු බලශක්ති පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහිත් මෙහිදී විශේෂ අවධානය යොමු කළ බවයි.

එමෙන්ම ඇන්ටාක්ටික් කලාපයේ අයිස් තට්ටු සහ පෙන්ගුයින් පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ දත්ත රැස් කිරීම ඇතුළු සැලකිය යුතු ප්‍රතිඵල අත්කර ගැනීමට මෙහිදී හැකි වූ බව ‍ඔහු පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here