චීනයේ Shenzhou 20 අභ්‍යවකාශ යානය හෙට (24) දියත් කෙරේ.
බෙයිජිං වේලාවෙන් හෙට පස්වරු 5:17ට එය අභ්‍යවකාශ ගත කිරීමට නියමිත බව අද (23) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ. ගගනගාමී කණ්ඩායමට ගගනගාමීහූ දෙදෙනෙක් සහ ගුවන් ඉංජිනේරුවරයෙක් ඇතුළත් වෙති. ඒ Chen Dong, Chen Zhongrui සහ Wang Jie ගගනගාමීන්ය.
මෙවර මෙහෙයුමට එක්වන Chen Dong මහතා චීනයේ දෙවන කණ්ඩායමේ අභ්‍යවකාශ ගගනගාමීන් අතරින් තුන් වතාවක් අභ්‍යවකාශයට යන පළමුවැනියා වනු ඇත. චීනයේ තුන්වන කණ්ඩායමේ අභ්‍යවකාශ ගගනගාමීන් ලෙස Chen Zhongrui සහ Wang Jie මහත්වරු සිය පළමු අභ්‍යවකාශ ගමන වෙනුවෙන් සූදානම්ව සිටිති.
ගගනගාමීන් තිදෙනා අද (23) චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමු වේ.