Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක ව ක්‍රියාත්මක කෙරේ. බෙයිජිං වේලාවෙන් ඊයේ (24) පස්වරු 5.17ට එම අභ්‍යවකාශ යානය චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශගත කෙරිණ. Chen Dong , Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනෙකු මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් විය. මේ වන විට Shenzhou-20 අභ්‍යවකාශ යානය නියමිත කක්ෂයට ප්‍රවේශ වී ඇති අතර එහි සිටින ගගනගාමීන් යහපත් තත්ත්වයේ පසු වන බව වාර්තා වෙයි.
Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේදී විශේෂ උත්සවයක් ද පැවැත්විණ. චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී ඇති අද දිනයේ Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයකි.
චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙර ය. එසේ ම මීට වසර 22කට පෙර චීනය සිය මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව සිදු කර තිබිණ. මෙවර අභ්‍යවකාශ මෙහෙයුම Shenzhou අභ්‍යවකාශ යානාවන්හි 20වන අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට එක් වෙයි.