චීනයේ Shenzhou-19 ගගනගාමීන් රැගත් අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වේ.
බෙයිජිං වේලාවෙන් අද (30) 13:08ට Shenzhou-19 අභ්‍යවකාශ යානය ගොඩබිමට ආපසු පැමිණියේය. Cai Xuzhe, Song Lingdong සහ Wang Haoze යන ගගනගාමීන් තිදෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු කෙරිණ. ඒ සමගම Shenzhou-19 ගගනගාමීන් රැගත් අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක වූ බව සනිටුහන් කර ඇත.
Shenzhou-19 අභ්‍යවකාශ යානය 2024 ඔක්තෝබර් 30 වැනිදා Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කෙරිණ. ගෙවි ගිය දින 183 තුළ ගගනගාමීන් තිදෙනා බාහිර මෙහෙයුම් තුනක් සාර්ථකව සම්පූර්ණ කර ඇති අතර, 2024 දෙසැම්බර් 17 වැනිදා සිදු කළ ප්‍රථම බාහිර මෙහෙයුම දීර්ඝතම බාහිර ක්‍රියාකාරකම ලෙස ලෝක වාර්තාවක් ද පිහිටුවීය.
අභ්‍යවකාශ මෙහෙයුම අතරතුර, ගගනගාමීන් භූමි විද්‍යාත්මක පර්යේෂකයන්ගේ සහයෝගය ඇතිව ක්ෂුද්‍ර ගුරුත්ව පරිසර මූලික භෞමික විද්‍යාව, ද්‍රව්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අභ්‍යවකාශ විද්‍යා අත්හදා බැලීම් විශාල ප්‍රමාණයක් සිදු කර ඇති බව වාර්තා වේ.