28.2 C
Colombo
Saturday, August 23, 2025

චීනයේ Shenzhou 18 ගගනගාමීන් මාධ්‍ය හමුවකට එක්වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පෘථිවියට යළි පැමිණීමෙන් පසු යහපත් ශාරීරික හා මානසික තත්ත්වයකින් පසුවන චීනයේ Shenzhou 18 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු මාධ්‍ය හමුවක් පවත්වති.

ඒ අද (8) බෙයිජිංහි පිහිටි චීන ගගනගාමීන්ගේ විද්‍යා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී ය. අදාළ ගගනගාමීන් කණ්ඩායම පෘථිවියට නැවත පැමිණ දින 60 කට පමණ කාලයට පසු මාධ්‍ය හා ජනතාව ප්‍රථමවරට නිල වශයෙන් හමුවන අවස්ථාව මෙයයි.

අදාළ ගගනගාමී පිරිස පෘථිවියට නැවත පැමිණීමෙන් පසු ඔවුන් නිරෝධායන පුනරුත්ථාපනය, ශාරීරික සුවය ප්‍රකෘතිමත් වීම යන අදියරේ විවිධ වැඩසටහන් සම්පූර්ණ කළ අතර ඔවුන් පුනරුත්ථාපන නිරීක්ෂණ අදියරට පිවිස ඇත. චීන ගගනගාමීන්ගේ විද්‍යා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සහාය කණ්ඩායමේ ආධාරය ඇතිව මේ වනවිට ගගනාගමීන් පිරිස යහපත් ශාරීරික හා මානසික සුවතාවයකින් පසුවන අතර ඒ ඒ වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල ද සාමාන්‍ය තත්ත්වයක පවතී. ඔවුන්ගේ ශාරීරික ශක්තිය, මානසික ඒකාග්‍රතාව මෙන්ම ශරීරයේ සියළු ක්‍රියාකාරිත්වයන් මූලික වශයෙන් පියාසර කිරීමට පෙර පැවති මටට්ම හා සමාන තත්ත්වයකට පැමිණ ඇත.

පුනරුත්ථාපන කාලයේ විවිධ වැඩසටහන් සම්පූර්ණ කර ශාරීරික යෝග්‍යතාව පිළිබඳ තක්සේරු කිරීමෙන් පසු අදාළ ගගනගාමීන් තිදෙනා සාමාන්‍ය පුහුණු කටයුතුවලට එක්වනු ඇති බවද එහිදී ප්‍රකාශ කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here