26.4 C
Colombo
Sunday, October 5, 2025

චීනයේ 2025 බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 42.5 ඉක්මවයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අද(2) වන විට, 2025 වසරේ චීනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 42.5 ඉක්මවා ඇතැයි අන්තර් ජාල දත්තයන්ගෙන් සනාථ වී ඇත. එය පසුගිය 2024 වසරේ සමස්ත ප්‍රමාණය වඩා ඉක්මවා යාම විශේෂත්වයකි.

2025 ආරම්භයේ සිට චීන විශිෂ්ට චිත්‍රපට අඛණ්ඩව නිකුත් වෙමින් පවතී. මේ වසරේ මේ දක්වා චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක් රට පුරා තිරගත වී තිබේ. මෙම චිත්‍රපට ඉතිහාසය, හාස්‍යය, කාටුන්, මනඃකල්පිත ආදී විවිධ වර්ග ආවරණය කරයි.

චිත්‍රපට නැරඹීමේ උච්චතම අවස්ථාව වන චීන ජාතික දින නිවාඩු සමය මේ දිනවල යෙදී ඇත. ඔක්තෝබර් 2 වන දින දහවල් 12:25 වන විට, 2025 ජාතික දින නිවාඩුවේ සමස්ත බොක්ස් ඔෆිස් ආදායම යුවාන් මිලියන 500 ඉක්මවා ඇත.

චීනයේ පළමු අභ්‍යවකාශ රූගත චිත්‍රපටය වන “Shenzhou 13” චිත්‍රපටයේ, මුළු බොක්ස් ඔෆිස් ආදායම යුවාන් මිලියන 43 ඉක්මවා ඇත.

මෙම චිත්‍රපටය චීන මාධ්‍ය සමූහයේ චිත්‍රපට ලාංඡනය සමග රට පුරා සිනමා ශාලාවල නිකුත් කරන ලද පළමු චිත්‍රපටය වේ. විදේශයන්හි ප්‍රදර්ශනය කරන ලද පළමු චීන අභ්‍යවකාශ වාර්තා චිත්‍රපටය ලෙස, “Shenzhou 13” බ්‍රිතාන්‍යය, පාකිස්ථානය, නයිජීරියාව සහ මෙක්සිකෝව යනාදී රටවල තිරගත වී ඇත. විදේශීය ප්‍රේක්ෂකයින්ට චීනය සහ චීන ජනතාවගේ ජීවිත හා සිහින වඩාත් ගැඹුරින් අවබෝධ කර ගැනීම සඳහා ඉඩ සැලසීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here