27.6 C
Colombo
Monday, August 25, 2025

චීනයේ 14 වැනි පස් අවුරුදු සැලැස්මේ සාර්ථකත්වයට ආර්ථික වශයෙන් බලවත් පළාත් මූලික වීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය සිය 14 වැනි පස් අවුරුදු සැලැස්ම සාර්ථක ප්‍රතිඵලවලින් යුතුව නිමාවට පත් කිරීමට නම් රටේ ආර්ථික වශයෙන් බලවත් පළාත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. හෙතෙම මේ බව සඳහන් කළේ මේ දිනවල බෙයිජිං අගනුවර පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන් වැනි සැසි‍ වාරයට සහභාගි ව සිටින චියං සු පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී ය.

යැංසි ගංගා ඩෙල්ටා කලාපය හා යැංසි ගංගා ආර්ථික තීරය යා කෙරෙන චියං සු පළාත චීනයේ සශ්‍රීක බවින් ඉහළම පළාතකි. 2024 වසරේ එම පළාතේ දළ දේශීය නිෂ්පාදිතය චීනයේ සෙසු පළාත් අභිබවමින් 5.8%ක වර්ධනයකට ළඟා විය. එය එම පළා‍ත සතු වන ආර්ථික ශක්තියේ පිළිබිඹුවක් බව කිව හැකි ය. රටේ ආර්ථික සංවර්ධනය සඳහා චියං සු වැනි ප්‍රබල පළාත් දිගුකාලීන ව ලබාදුන් දායකත්වය අගය කරමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා දෙකකදී අවධාරණය ක‍ළේ රටේ නවීකරණය සාක්ෂාත් කරගැනීම සඳහා  චියං සු සහ ගුවං තුං ඇතුළු පළාත් තීරණාත්මක භූමිකාවක් ඉටු කරන බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here