චීනයේ ෂෙන්චෝ 20 කාර්ය මණ්ඩලය සිය දෙවන අභ්‍යාවකාශ ක්‍රියාකරකම් සම්පූර්ණ කරයි.
චෙන්ග් ඩොන්ග්,චෙනග් චොන්ග්රුයි සහ වන්ග්ජියේ යන ගගනගාමීන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රොබෝ අත සහ පෘථිවි කාර්ය මණ්ඩලයේ සහායෙන් පැය 6 කට අධික කාලයක් පුරා එම ක්‍රියාකාරමේ නිරත වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.
චෙන්ග් ඩොන්ග්, චෙනග් චොන්ග්රුයි යන ගගනගාමීහූ අභ්‍යාවකාශ ඇවිදීම් සම්පූර්ණ කළ අතර අපද්‍රව්‍ය ආරක්ෂණ උපකරණයක් සවි කිරීම මෙන්ම බාහිර උපකරණ අලුත්වැඩියා කිරීම සහ නිරීක්ෂණයේ ද නිරත වූහ.
බාහිර ක්‍රියාකාරකම් වලදී ගගනගාමීන්ට සහාය වන තවත් උපකරණ දෙකක් බාහිර වේදිකාවේ සවි කිරීමෙහි ද ඔවුහූ නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙසට අභ්‍යාවකාශ ඇවිදීම් උපරිම වශයෙන් විනාඩි 40කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ෂෙන්චෝ 20 කාර්ය මණ්ඩලය වර්තමානයේ දී විවිධ අභ්‍යාවකාශ විද්‍යා පර්යේෂණයන් ස්ථාවර ලෙස පවත්වා ගනිමින් සිටිති. අභ්‍යාවකාශ ජීවයන් පිළිබඳ විද්‍යා, ක්ෂුදු ගුරුත්ව භෞතික විද්‍යා මූලධර්ම, අභ්‍යාවකාශ අමුද්‍රව්‍ය විද්‍යාව, අභ්‍යාවකාශ ඖෂධ සහ උසස් අභ්‍යාවකාශ තාක්ෂණ යන අංශ කෙරෙහි අවධනය යොමු කිරීම ඔවුන්ගේ මීළඟ කාර්යයන් බවට පත්ව ඇත.