26.1 C
Colombo
Thursday, February 26, 2026

චීනයේ විදේශ වෙළඳාම ගෙවුණු මාස 10 තුළ 3.6%කින් ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ මුල් මාස 10 තුළ චීනයේ සමස්ත භාණ්ඩ ආනයනය සහ අපනයන යුවාන් ට්‍රිලියන 37.31ක් (ඇ.ඩො. ට්‍රිලියන 5.27ක් පමණ) දක්වා ඉහළ ගොස් ඇති බව චීන රේගු මහ පරිපාලන වාර්තා පෙන්වා දෙයි.

අද (07) නිකුත් කළ එම නිල දත්තවල දැක්වෙන්නේ, මෙය වාර්ෂිකව 3.6% ක ඉහළ යාමක් පෙන්නුම් කිරීමක් බවයි.

එමෙන්ම වසරේ මුල් මාස නවය තුළ වාර්තා වූ 4%ක වර්ධන අනුපාතයකින්, වර්ධන වේගය මන්දගාමී වී ඇති බවත් එම රේගු වාර්තාවල දැක්වේ.

තවද, ඔක්තෝබර් මාසයේදී පමණක් චීනයේ භාණ්ඩ ආනයනය සහ අපනයන වාර්ෂිකව 0.1%කින් ඉහළ ගොස් යුවාන් ට්‍රිලියන 3.7ක් වාර්තා වී ඇති බවත්, චීන රේගු මහ පරිපාලන වාර්තා පෙන්වා දෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here