30.8 C
Colombo
Saturday, August 23, 2025

චීනයේ වසන්ත උත්සවය සඳහා දේශීය සංක්‍රමණ වාර ගණන බිලියන 9ක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

බිලියන 9ක සංචාරකයින් අපේක්ෂාවෙන් චීන වසන්ත උත්සව සමයේ සංචාරක උණුසුම් සමය ඇරඹේ.   

චීනයේ වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරු‍දු උදාවට දින 15 කට පෙර, අඟහරුවාදා දින එහි විශාලතම වාර්ෂික සංවාරක සංක්‍රමණය ආරම්භ විය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී යුනෙස්කෝ සංවිධානය, අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට චීනයේ වසන්ත උත්සවය ඇතුළත් කිරීමෙන් පසු වාර්තා වන පළමු වසන්ත උත්සව සංචාරක උණුසුම් සමය මෙයයි‍.

පෙබරවාරි 22 වන දිනෙන් අවසන් වන මෙම වසරේ සංචාරක සංක්‍රමණ කාලය තුළ මගී සංචාර බිලියන නවයක් අපේක්ෂා කරන අතර, එහිදී දුම්රිය සහ ගුවන් මගින් සිදු කෙරෙන මගී සංචාර දෙකෙහිම වාර්තාගත ඉහළම අගයන් කරා ළඟා වනු ඇත.

චීනයේ, දින 40 ක් පුරා පවතින මෙම සංචාරක සංක්‍රමණ තත්ත්වය මත, තම පවුලේ සාමාජිකයින් හා එක් වීමට මිලියන සිය ගණනක ජනතාව තම ගම්බිම් වෙත නැවත පැමිණෙනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here