මාර්තු මාස 12වනදා චීනයේ රුක් රෝපණ දිනයයි. දැනට රටේ වනාන්තර බිම්සරිය හෙක්ටාර මිලියන 241ක් වන බවත් වනාවරණ අනුපාතය සියයට 25.09 දක්වා වැඩි වී ඇති බවත් චීන ජාතික වනාන්තර හා තෘණ පරිපාලනයේ දත්තයන්හි දැක්වේ.
සමස්ත චීනයේ ගස් ප්‍රමාණය බිලියන 142.6ක් වන අතර ඒකපුද්ගල රුක් හිමි ප්‍රමාණය 100කි. ලෝකයේ වේගයෙන්ම හරිතකරණය වන රට වශයෙන් චීනය ලෝකයේ හරිත ව්‍යාප්තියෙන් සියයට 25කට දායක වේ.
මේ අතර වසර 2025 චීනයේ වනාන්තරවලින් ආහාර මිලියන ටොන් 240ක් ලැබී තිබේ. ධාන්‍ය වර්ග හා එලවළුවලට අමතරව වනාන්තරය චීනයට තුන්වන වැදගත්ම ආහාර මූලාශ්‍රය වී තිබේ.
මේ වන විට චීනයේ වනාන්තර හා තෘණ කර්මාන්තයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 11කි. මිලියන 60ක පිරිසකට ඉන් රැකියා අවස්ථා සලසා දෙයි. ‘ජල සම්පත්, ආර්ථික ප්‍රතිලාභ, ආහාර සැපයීම හා කාබන් සංචිතය’ සඳහා වනාන්තරවල සංයුක්ත කාර්යභාරයන් ක්‍රමයෙන් ඉස්මතු වී තිබේ.

