26.4 C
Colombo
Thursday, August 21, 2025

චීනයේ, බුද්ධිමය දේපල අයිතීන් භාවිත කිරීම සඳහා වන ආනයන හා අපනයන වටිනාකම ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය බුද්ධිමය දේපල අයිතීන් භාවිත කිරීමෙන් නව ප්‍රතිඵල දිනා ගනී.

චීන ජාතික බුද්ධිමය දේපල අයිතිවාසිකම් පරිපාලනය පේටන්ට් අයිතම් කර්මාන්තකරණය කිරීම සාර්ථකව ප්‍රවර්ධනය කර ඇත. ව්‍යවසායයන්ගේ පේටන්ට් අයිතම් කර්මාන්තකරණය කිරීමේ අනුපාතය 2020 වසරේ සියයට 44.9 සිට 2024 වසරේ සියයට 53.3 දක්වා වැඩි විය. එම කාලය තුළ රටේ බුද්ධිමය දේපල අයිතීන් භාවිත කිරීම සඳහා වන වාර්ෂික ආනයන හා අපනයන වටිනාකම යුවාන් බිලියන 319 සිට බිලියන 399 දක්වා වැඩි වූ අතර වාර්ෂික වර්ධන අනුපාතය සියයට 5.7කි.

මේ අතර කෘත්‍රිම බුද්ධිය, තොරතුරු සන්නිවේදනය, නව බලශක්ති මෝටර් රථ, ප්‍රකාශ වෝල්ටීයතාව, ක්වොන්‍ටම් තාක්ෂණය,  ‍ජෛව වෛද්‍ය සේවාව හා ඖෂධ නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කේන්ද්‍රීය තාක්ෂණික පේටන්ට් විශාල ප්‍රමාණයක් චීනය ග්‍රහණය කර ගෙන තිබේ. ගෝලීය ප්‍රමුඛතම වෙළඳ නාම 5000ක් අතරින් චීනයේ වෙළඳ නාමයන්හි වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 1.76ක් වන අතර එය ලොව දෙවැනි ස්ථානයේ පසු වේ.

ඉකුත් තොරතුරු හෙළි වූයේ, අද(17) චීන රාජ්‍ය මණ්ඩල පුවත් කාර්යාලයේ පැවති ‘14වන පස් අවුරුදු සැලැස්ම සම්පූර්ණ කිරීම’ පිළිබඳ මාධ්‍ය හමුවේදීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here