26.1 C
Colombo
Thursday, February 26, 2026

චීනයේ ප්‍රධානත්වයෙන් සකසන ලද කර්මාන්ත සඳහා වන ලොව පළමු 5G ජාත්‍යන්තර ප්‍රමිතිය නිකුත් කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කර්මාන්ත සඳහා වන ලොව පළමු 5G ජාත්‍යන්තර ප්‍රමිතිය ජාත්‍යන්තර විද්‍යුත් තාක්ෂණික කොමිසම(IEC) විසින් අද (06) නිල වශයෙන් නිකුත් කෙරිණ. ‘කර්මාන්ත ජාලයේ 5G සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පොදු අවශ්‍යතා’ නම් එම ප්‍රමිතිය, චීනයේ හා ජර්මනියේ ඒකාබද්ධ යෝජනාවන්ට අනුව, ඇමරිකාව, ප්‍රංශය සහ ජපානය යන රටවල විශේෂඥයින්ගේ ද සහයෝගය ඇතිව පර්යේෂණ කර ඉදිරිපත් කරන ලද්දකි. කාර්මික 5G ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සඳහා මෙතෙක් පැවති හිඩැස මින් අවසන් විය.

ඒ අනුව දෙස් විදෙස් පරිශීලකයින්ට, සැලසුම් ආයතන හා උපකරණ නිෂ්පාදකයින්ට, කාර්මික පරිසරයක් තුළ 5G තාක්ෂණය යොදා ගැනීමේ දී එක සමාන තාක්ෂණික ප්‍රමිතීන් භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම ප්‍රමිතිය නිකුත් කිරීම, “5G + කර්මාන්ත” පිළිබඳ ඒකාබද්ධ භාවිතය තුළ චීනය ලැබූ සන්ධිස්ථානීය ජාත්‍යන්තර ජයග්‍රහණයක් සනිටුහන් කිරීමක් වේ. එමෙන්ම එය ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ ඩිජිටල්කරණ පරිවර්තනය සඳහා චීන බුද්ධිය හා විසඳුම් ලබා දීම ද සිදු කරනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here