චීනයේ ප්‍රථම එතෙර වායු ගෝලීය පරිසර මධ්‍යස්ථානයේ මෙහෙයුම් ආරම්භ කෙරේ.කාලගුණ වෙනස්වීම සම්බන්ධ ගෝලීය ප්‍රතිචාරයන්ට එය ආධාරකයක් වනු ඇත.
අන්ටාක්ටිකාවේ ස්ථාපිත මෙම චීන චුන්ග් ෂාන් ජාතික වයු ගෝලීය පරිසර මධ්‍යස්ථානය මගින් ඇන්ටාක්ටිකාවේ වායු ගෝලීය පරිසරයේ සිදුවන වෙනස්වීම් දිගු කාලීනව නිරීක්ෂණය කෙරේ.කලාපයේ වායුගෝලීය සංයුතිය හා ස්වභවායන් පිළිබඳ ඉන් විශ්වසනීය දත්ත වාර්තාවක් ඉදිරිපත් කෙරෙනු ඇති බව චීන කාලගුණ විද්‍යා පරිපාලනය සඳහන් කරයි. ධ්‍රැවීය කලාප, ගෝලීය කාලගුණ වෙනස්වීම් හී ප්‍රතිබිම්බයක් ලෙසට සැලකෙන අතර නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දත්ත ආවේණික විද්‍යත්මක වටිනාකමකින් යුතු වන බව චීන කාලගුණ විද්‍යා ඇකඩමියේ ගෝලීය වෙනස්වීම් පිළිබඳ සහ ධ්‍රැවීය කාලගුණ ආයතනයේ අධ්‍යක්ෂ ඩින්ග් මින්ග්හු මහතා සඳහන් කරයි.
පරිපූර්ණ නිරීක්ෂණ පද්ධතියට කාණ්ඩ හතක් අයත් වෙයි.ඕසෝන් ස්ථරය සහ එයරොසොල නිරීක්ෂණය ද ඊට අයත් ය.චීනයේ ජාතික වශයෙන් වායු ගෝල පරිසර නිරීක්ෂණ මධ්‍යස්ථාන 9ක් ක්‍රියාත්මක වෙයි.10 වැන්නේ අත්හදා බැලීම් පසුගිය ජූලි මාසයේ දී ආරම්භ කෙරිණ.