චීනයේ නිදහස් වෙළඳ ජාලය අඛණ්ඩව පුළුල් කෙරේ. මේ වන විට චීනය රටවල් හා කලාප 30ක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් 23ක් අත්සන් කර ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක හ යා තුං මහතා ඊයේ (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය. එම ගිවිසුම් මගින් මහාද්වීප පහ ආවරණය කරමින් චීනය සිය නිදහස් වෙළඳ ජාලය අඛණ්ඩව පුළුල් කරමින් සිටින බව ඔහු එහිදී පැවසීය.
ඉකුත් ජනවාරි පළමු දා ක්‍රියාත්මක වූ චීන- මාලදිවයින් නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් හ යා තුං මහතා මෙහිදී අදහස් පළ කළේය. එම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා වෙළඳාම මෙන්ම ආයෝජන සඳහා ද අන්‍යෝන්‍ය වශයෙන් අනුග්‍රාහී පිළිවෙත් අනුගමනය කිරීමට දෙරටට විශාල අවකාශයක් සැලසෙන බව එතුමා පෙන්වා දුන්නේය. එමෙන් ම චීන-සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම උත්ශ්‍රේණිගත කිරීමේ ප්‍රොටෝකෝලය ඉකුත් දෙසැම්බර් 31වැනි දා ක්‍රියාත්මක කෙරිණ. එමගින් ද චීනය හා සිංගප්පූරුව සමස්තයක් ලෙස එකිනෙකාගේ නිෂ්පාදන වෙළඳපොල විවෘත කරමින් ඩිජිටල් ආර්ථිකය ඇතුළු නැගී එන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමට අපේක්ෂිත බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.