චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා “තායිවාන නිදහස” සම්බන්ධයෙන් සිදු කෙරෙන අසත්‍ය ප්‍රකාශයන්ට එරෙහිව විරෝධය පළ කරයි.
චීනයේ තායිවාන ප්‍රදේශයේ වත්මන් නායක Lai Ching-te ඊනියා “ඉහළ මට්ටමේ ජාතික ආරක්ෂක රැස්වීමක්” කැඳවමින්, එහිදී ඔහු තායිවාන් සමුද්‍ර සන්ධියේ දෙපස එකිනෙකාට යටත් නොවන බවට වන වැරදි බෙදුම්වාදී ප්‍රකාශ සිදු කර ඇති බවත්, “තායිවාන ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී රටක්” යන ව්‍යාජ ප්‍රකාශයක් ද කර තිබේ. මෙය ඔහු තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කරන්නෙකු බව යළි සනාථ කිරීමක් බව Chen Binhua මහතා ඊයේ(13) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
තායිවානය චීනයේ අනිවාර්ය කොටසක් බවත්, එය කිසිවිටෙකත් රටක් නොවූ බවත්, කිසිවිටෙකත් රටක් නොවන බවත් Chen Binhua මහතා අවධාරණය කළේය.
තායිවාන ගැටලුව විසඳා ජාතික එක්සත්කම සාක්ෂාත් කර ගැනීමට චීනය අධිෂ්ඨාන කරගෙන සිටී. “තායිවාන නිදහස” යන්න ඉස්මතු කරමින් බෙදුම්වාදී බලවේග රතු රේඛාව අභිබවා යාමට එඩිතර වුවහොත්, චීනය අනිවාර්යයෙන් ම ප්‍රබල ප්‍රතිපියවර ගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.