29.5 C
Colombo
Saturday, April 11, 2026

චීනයේ ගුණාත්මක සංවර්ධනය තුළින් ගෝලීය දකුණේ රාජ්‍යයන් වෙත නව අවස්ථා ලබා දීම අඛණ්ඩව

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වන ජාතික කමිටුවේ සිව්වන සැසිවාරය බෙයිජිංහිදී තවදුරටත් පැවැත්වෙන අතර, එහිදී “15 වන පස්අවුරුදු (2026-2030) සැලසුම්” කාලය සඳහා වන ප්‍රධාන ඉලක්කයන් හා උපායමාර්ගික මෙහෙවර නිකුත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. සිය ගුණාත්මක සංවර්ධනය තුළින් ගෝලීය දකුණේ රාජ්‍යයන් වෙත නව අවස්ථා අඛණ්ඩව ලබා දීමට චීනය සූදානම් බව ද එහිදී අවධාරණය කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයේ 61 වන සැසිවාරයට එක්ව සිටින චීන නියෝජිත කණ්ඩායමේ උප ප්‍රධානී Li Xiaomei මහත්මිය ඉකුත් 05 වනදා පැවති තිරසර සංවර්ධනය සහ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය යනාදිය සඳහා අදාළ අයිතිවාසිකම් පිළිබඳ සංසදයේදී මේ බව කියා සිටියාය.

චීනයේ අදාළ ආකල්ප සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය එහිදී පැවසුවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් චීනය සැමවිටම උපරිම කැපකිරීමක් සිදු කරමින් සිටින බවයි. චීනයේ ඉදිරිපත් කිරීමක් වන ගෝලීය සංවර්ධන මුලපිරුම මගින්, ප්‍රධාන සහයෝගීතාවයන් සඳහා  මුදල් එකතු කිරීම ද තහවුරු කර තිබේ. ගෝලීය දකුණේ රාජ්‍යයන්හි පුනරුදය සඳහා මේ වන විට, ඇ.ඩො. බිලියන 23ක් එක්රැස් කර ඇති බව ද Li Xiaomei මහත්මිය එහිදී දැනුවත් කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here