චීනයේ ආයෝජනය කිරීම බොහෝ අන්තර් ජාතික සමාගම්වල අනිවාර්ය ප්‍රවේශයක් වී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශ ප්රකාශිකාවක් පවසයි. ඇය එසේ පැවසුවේ අද(26) පැවති මාධ්‍ය හමුවකදීය.
මෑතකදී අන්තර් ජාතික සමාගම් රැසක ප්‍රධානීන් සහ ඇමරිකා-චීන වෙළඳ කමිටුවේ නියෝජිතවරුන් චීනයේ සංචාරයන්හි නිරත වී තිබේ. චීන ආර්ථිකයේ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදන ප්‍රාණවත්භාවය, සුපිරි වෙළඳපොලේ ප්රතිලාභ හා අඛණ්ඩව ප්රශස්ත වන ව්‍යාපාරික පරිසරය ඔවුන් ගේ ඉහලින් පැසසුමට ලක්වූ අතර, සිය ගෝලීය සංවර්ධනයේ නවෝත්පාදන මූලස්ථානය ලෙස චීනය තෝරා ගෙන ඇත. චීනයේ ආයෝජනය කිරීම, බොහෝ අන්තර් ජාතික සමාගම්වලට, සම්පත් සැකසීමේ තෝරා ගැනීමක සිට සිය උපායමාර්ගික සංවර්ධනයේ අනිවාර්ය ප්‍රවේශයක් වී තිබෙන බව එම ප්‍රකාශිකාව පවසා ඇත.

