27.3 C
Colombo
Friday, August 22, 2025

චීනයේ අධිවේගී දුම්රිය මාර්ගවල සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 47,000 ක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මේ වන විට චීනයේ ක්‍රියාකාරීත්වය ආරම්භ කර ඇති සමස්ත දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් එක් ලක්ෂ හැට දෙදහසක් වන අතර ඉන් අධිවේගී දුම්රිය මාර්ගවල සමස්ත දිග කිලෝමීටර් හතළිස් හත්දහසක් වන බව ජාතික දුම්රිය සේවා දෙපාර්තමේන්තුවේ අද(26) පැවති සමස්ත රටේ දුම්රිය සේවා නියාමන කටයුතු පිළිබඳ රැස්වීමේ දී සඳහන් කර ඇත.

2024 වසරේ චීනයේ දුම්රිය ස්ථාවර වත්කම් සඳහා සම්පූර්ණ කළ ආයෝජනය චීන යුවාන් බිලියන 800ක් බව තක්සේරු කෙරේ. මෙහෙයුම් අරඹා ඇති නව දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් තුන්දහසක් වන අතර ඉන් අධිවේගී දුම්රිය මාර්ගවල දිග කිලෝමීටර් දෙදහස් තුන් සියයකි.

මේ අතර දුම්රිය සේවාවෙන් සිදු කෙරෙන මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2024 වසරේ චීනයේ දුම්රිය සේවාවෙන් ප්‍රවාහනය කර ඇති මගීන්ගේ වාර ගණන බිලියන 4.3ක් වනු ඇති අතර එය වාර්ෂිකව සියයට 11.7ක වර්ධනයකි. භාණ්ඩ ප්‍රවාහන ප්‍රමාණය ටොන් බිලියන 5.2ක් පමණ වන බවට අපේක්ෂා කෙරෙන අතර එය ද සියයට තුනක වර්ධනයක් පෙන්නුම් කරයි.

දුම්රිය සේවාවේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය චීන ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම සැලකිය යුතු ලෙස ප්‍රවර්ධනය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here