29 C
Colombo
Thursday, February 26, 2026

ගෝලීය හරිත පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගන්නා ලෙස චීන උප අගමැති ඉල්ලයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෝලීය හරිත සංවර්ධනය ඉදිරියට ගෙන යාමට සහ පිරිසිදු, සුන්දර ලෝකයක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය සියලු පාර්ශ්වයන් සමග කටයුතු කිරීමට සූදානම් බව චීන උප අගමැති Ding Xuexiang මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු මෙන්ම පරිසර සහ සංවර්ධනය පිළිබඳ චීන ජාත්‍යන්තර සහයෝගීතා කවුන්සිලයේ සභාපති ද වන Ding Xuexiang මහතා බෙයිජිං හි පැවති එම කවුන්සිලයේ 2025 වාර්ෂික සමුළුව අමතමින් මේ බව පැවසීය.

14 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ(2021-2025), චීනය සිය පාරිසරික වටපිටාව වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින අතර සුන්දර චීනයක් ගොඩනැඟීමේ දී  සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ඔහු පැවසීය.

පසුගිය වසර පහ තුළ චීනය ගෝලීය පාරිසරික පාලනයේ සිය ප්‍රමුඛ භූමිකාව ශක්තිමත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

චීනය හරිත සහ අවම කාබන් සංවර්ධනය අනුගමනය කිරීමට සහ දේශීය තත්ත්වයන්ට අනුකූලව හරිත ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීමට ස්ථිරව සිටින බව උප අගමැතිවරයා පැවසීය.

බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම, සංවාදය සහ හුවමාරුව වැඩි දියුණු කිරීම මෙන්ම ආර්ථික සංවර්ධනය සමග පාරිසරික ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

චීනය සිය පාරිසරික ශිෂ්ටාචාරයේ වර්ධනයට සහ ගෝලීය තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට වැඩි ප්‍රඥාව සහ ශක්තිය ලබා දීමට කැපවී සිටී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here