29 C
Colombo
Thursday, February 26, 2026

ගෝලීය මුලපිරුම් පිළිබඳ චීන ජනපතිගේ උපදෙස් පළ කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

“ප්‍රධාන ගෝලීය මුලපිරීම් 4ක් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ චීන ජනපතිගේ උපදෙස් Qiushi සඟරාවේ පළ කෙරේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කළ “ගෝලීය සංවර්ධන මුලපිරීම්, ගෝලීය ආරක්ෂක මුලපිරීම්, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම් සහ ගෝලීය පරිපාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම” නමැති ලිපිය හෙට (16) දින දී Qiushi සඟරාවේ පළ කිරීමට නියමිතව ඇති අතර ඒ 20 වැනි මුද්‍රණය ලෙසිනි.

මෙය 2021 වසරේ සැප්තැම්බර් මස සිට 2025 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ෂී ජින්පිං මහතාගේ වැදගත් ප්‍රකාශවලින් උපුටා ගත් කොටසකි.

වත්මන් ලෝකයේ සාමය දුරස්ව තිබීම, සංවර්ධනයට බාධා පැමිණවීම, ආරක්ෂාව පිළිබඳ තර්ජන සහ පාලන ක්‍රමවේදයන් තුළ පවතින දුර්වලතා ඉහළ යමින් පවතින බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ. එම ගැටළුකාරී තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා මෙන්ම, වඩා යහපත් ලොවක් ගොඩනැගීමට සහ ‍සමස්ත ලෝකවාසීන්ට වඩා යහපත් ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා ද, චීන ජනාධිපතිවරයා “පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ ප්‍රධාන ගෝලීය මුලපිරීම් 4ක්” යෝජනා කළේ ය.

ජනතාවගේ සතුට සාක්ෂාත් කර ගැනීම සඳහා මඟ පෙන්වනු ලබන ප්‍රධානතම දොරටුව සංවර්ධනය බව ද මෙම ලිපියෙන් පෙන්වා දෙයි. ආරක්ෂාව සංවර්ධනය සඳහා පූර්ව අවශ්‍යතාවයකි. මනුෂ්‍යත්වය යනු වෙන් කළ නොහැකි ආරක්ෂිත ප්‍රජාවකි. විවිධ ශිෂ්ටාචාරයන් ලෝකයේ සැබෑ ස්වභාවය බව එහි සඳහන් කෙරේ.

මෙම වසර ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. මෙය ඉතිහාසය මතක තබා ගනිමින් අනාගතය එක්ව ගොඩනැගීමට තීරණාත්මක අවස්ථාවකි. වඩාත් දුෂ්කර කාලයන් හි, සාමකාමී සහජීවනය පිළිබඳ මුල් අභිලාෂය ආරක්ෂා කළ යුතු බවත්, අන්‍යෝන්‍ය යහපත් සහයෝගීතාව පිළිබඳ අපගේ විශ්වාසය ශක්තිමත් කළ යුතු බවත්, ඉතිහාසය අපට උගන්වයි. එබැවින් අප ඓතිහාසික බව ඉදිරියට ‍රැගෙන යාමේ ප්‍රවණතාවය තුළ සංවර්ධනය වෙමින්, නව යුගයේ සංවර්ධන අභිලාෂයන් සාක්ෂාත් කර ගත යුතු බව එම ලිපියේ සඳහන් කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here