26.9 C
Colombo
Monday, August 25, 2025

ගෝලීය භාණ්ඩ වෙළඳාමේ අඛණ්‍ඩ වර්ධනීය ප්‍රවණතාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගෝලීය භාණ්ඩ වෙළඳාම මෙම වසර ආරම්භයේදී අඛණ්‍ඩ වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කර ඇතැයි ලෝක වෙළඳ සංවිධානය පවසයි. භාණ්ඩ වෙළඳාම පිළිබඳ බැරෝමීටරයේ නවතම දත්තයන් ගෙන් එය පිළිබිඹු වන බව එම සංවිධානය ඊයේ (12) ප්‍රකාශ කළේය.

ජනවාරි මාසයේ දී එය 102.8ක අගයක් වාර්තා කාළේය. එම අගය 2024 දෙසැම්බර් මාසයේ වාර්තා වූ 102.7 ක අගය‍ට වඩා සුළු ඉහළ යාමකි. බැරෝමීටරයේ 100 ඉක්මවන අගයන් ගෙන් වෙළඳ පරිමාවේ වර්ධනීය ප්‍රවණතාවක් ඉඟි කෙරෙන අතර එය 100ට අඩු අගයක පැවතිය හොත් මෑත අනාගතයේ දී වෙළඳ පරිමාව පහළයාමේ ප්‍රවණාතාවක‍ට පත්වීමක් අපේක්ෂා කෙරේ. ලෝක වෙළඳ සංවිධානය‍ට අනුව වෙළඳාම තවදුරටත් වර්ධනීය ස්වභාවයක පවතින නමුත් අවිනිශ්චිත වෙළඳ ‍ප්‍රතිපත්ති සහ නව බදු පැනවීම හේතුවෙන් මධ්‍ය කාලීනව වෙළඳාමට බලපෑම් එල්ලවිය හැකිය. එය මෙම වසර අවසානයේ ඉල්ලුම දුර්වලවීමකට තුඩුදිය හැකි බව ද ලෝක වෙළඳ සංවිධානය සඳහන් කරයි.

මෙම බැරෝමීටරය‍ට අනුව අපනයන ඉල්ලුම්,‍ ඉලෙක්ට්‍රොනික උපාංග සහ අමුද්‍රව්‍ය වෙළදාම තවදුරටත් ඉහළ ප්‍රවණතාවක පවතී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here