ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය ක්‍රියා නොකළහොත් ගාසා තීරය අත්පත් කර ගන්නා බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු අනතුරු අඟවයි. තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරන්නේ නම් තමන් එල්ල කරන පීඩනයට දැඩි වනු ඇති බව හෙතෙම සඳහන් කරයි. ඊට භූමිය අත්පත් කර ගැනීම සහ සෙසු ක්‍රියාමාර්ගද ඇතුළත් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වීඩියෝ පණිවිඩයක් පළ කරමින් ගාසා වැසියන් වෙත ප්‍රකාශ කළේ හමාස් සංවිධානය ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළන බවය. ඒ හේතුවෙන් ඔවුන්ගේ නිවාස ද අහිමිවනු ඇති අතර වඩාත් වැඩි භූමි ප්‍රදේශ ඊශ්‍රයාල ආරක්ෂක පරාමිතීන්ට ඇතුළත් වනු ඇති බව ද හෙතෙම සඳහන් කර තිබේ. ගාසා තීරයේ ගුවන් හා පාබල මෙහෙයුම් ව්‍යප්ත කිරීමේ සැලසුම් දැනටමත් සකස් කර ඇති අතර ඊට අනුමැතිය ලැබී ඇතැයි ද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. හමාස් සංවිධානය ගාසා තීරයෙන් ඉවත් කිරීම හා සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යුද්ධය අවසන් කිරීමේ එකම මාර්ගය බවද හෙතෙම අවධාරණය කර සිටී.
මේ අතර නවතම වාර්තාවකට අනුව උතුරු ගාසා තීරයේ දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.