28 C
Colombo
Wednesday, February 25, 2026

ගාසා තීරයේ පුළුල් හා තිරසර සටන් විරාමයක් ඉටු කළ යුතුයි-චීනය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ගාසා තීරයේ පුළුල් හා තිරසර සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව චීනය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ඊයේ (16) ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමකදී චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් ඒ බව පැවසීය.

සටන් විරාම ගිවිසුමකට සියලු ම එදිරිවාදී ක්‍රියා නතර කළ යුතු බව ඔහු අවධාරණය කළේය. අදාළ පාර්ශ්වයන්, විශේෂයෙන් ඊශ්‍රායලය, ආතතීන් උත්සන්න කරන ක්‍රියා නතර කළ යුතු බව ද ඔහු පැවසීය. ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතියේ බැඳීම් දැඩිව ඉටු කරමින් සියලුම දේශසීමා ප්‍රවේශ මාර්ග විවෘත කළ යුතුය. ගාසා තීරයට මානුෂීය ආධාර ලබා ගැනීමේ සීමාවන් ඉවත් කරමින් එක්සත් ජාතීන්ගේ ආධාර සැපයුම්වලට සහාය ලබා දෙන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා  සිටියේය.

ද්වීරාජ්‍ය විසඳුම ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දැඩි උත්සාහයකින් දායක විය යුතු බව ද Fu Cong මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here