ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ(2) ප්‍රකාශයක් පළ කරමින් පැවසුවේ එදින සිට ආධාර ද්‍රව්‍ය ගාසා තීරයට ප්‍රවේශවීමට අවසර දීම ඊශ්‍රායලය අත්හටුවන බවයි.
ගාසා තීරය සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ සිරකරුවන් හුවමාරු කිරීම අවසන් වීම හා මැද පෙරදිග ප්‍රශ්නය පිළිබඳ ඇමරිකාවේ දූත Steve Witkoff මහතා ඉදිරිපත් කළ තාවකාලික සටන් විරාම විසඳුම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කිරීම ඊට හේතුවී ඇත. හමාස් සංවිධානයේ භාරයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් නිදහස් නොකළහොත් හමාස් සංවිධානය සමග සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක නොකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu මහතා කියා සිටියේය. Steve Witkoff මහතා ඉදිරිපත් කළ තාවකාලික සටන් විරාම විසඳුම හමාස් සංවිධානය අඛණ්ඩව ප්‍රතික්ෂේප කළහොත් ඊශ්‍රායලය තවත් පියවර ගනු ඇත.
ඇමරිකාව ඉදිරිපත් කළ තාවකාලික සටන් විරාම විසඳුම පිළිගැනීමට ඊශ්‍රායලය අපේක්ෂා කරන්නේ තම සංවිධානය සමග එළඹ ඇති සටන් විරාම ගිවිසුම බැහැර කිරීමේ වෑයම් දරන බව හමාස් සංවිධානය ඊයේ(2) පැවසීය. තම භාරයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් නිදහස් කිරීම සඳහා එකම ක්‍රමය වන්නේ, සටන් විරාම ගිවිසුම පිළිපැදීම, වහාම දෙවැනි අදියරේ සාකච්ඡාව ආරම්භ කිරීම මෙන්ම ඊශ්‍රායලය සිය ප්‍රතිඥා ඉටු කිරීම පමණක් යැයි ද හමාස් සංවිධානය ප්‍රකාශ කළේය.