24.5 C
Colombo
Wednesday, February 25, 2026

ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ හැකියාව බැහැර නොකරන බව ඇමරිකානු ජනපති පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකාව සිය නේටෝ සංධාන හවුල්කරුවෙකු වන ඩෙන්මාර්කයෙන් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය අත්පත් කර ගැනීමේ අරමුණ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(20) සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කළේ ය. ග්‍රීන්ලන්තය පාලනය කිරීමේ තම ඉලක්කය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ හැකියාව බැහැර කිරීම ප්‍රතික්ෂේප කරන බවත්, ‍ඔහු එහිදී සඳහන් කළේ ය.

එදිනම ඩෙන්මාර්ක අගමැතිනි Mette Frederiksen මහත්මිය ප්‍රකාශ කළේ, ඩෙන්මාර්ක ස්වෛරීභාවය සහ භූමිය වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බවයි. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන යුරෝපා රටවල් මත තීරුබදු පනවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා මෑතකදී සිදු කළ  ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, Mette Frederiksen මහත්මිය පෙන්වා දුන්නේ, යම් පාර්ශ්වයක් යුරෝපය සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කළහොත් ඩෙන්මාර්කය ප්‍රතිචාර දක්වනු ඇති බවයි.

ඇමරිකාව ග්‍රීන්ලන්තයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගතහොත් ඩෙන්මාර්ක හමුදාව ග්‍රීන්ලන්තය ආරක්ෂා කරනු ඇති බව ඩෙන්මාර්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෑතකදී ඇමරිකානු මාධ්‍ය සමග සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here