29.5 C
Colombo
Wednesday, February 25, 2026

ග්‍රීන්ලන්තය පිළිබඳ ඇමරිකාව හා ‍ඩෙන්මාර්කය අතර මූලික වෙනස්කම් ඇතැයි ඩෙන්මාර්ක විදේශ ඇමති පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඩෙන්මාර්ක විදේශ ඇමති Lars Lokke Rasmussen මහතා, ඇමරිකානු උප ජනාධිපති James David Vance හා රාජ්‍ය ලේකම් Marco Rubio යන මහත්වරුන් සමග ග්‍රීන්ලන්තය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(14) පැවැත්වීය.

ඇමරිකාව සහ ඩෙන්මාර්කය අතර ග්‍රීන්ලන්තය පිළිබඳ “මූලික වෙනස්කම්” ඇති බව Lars Lokke Rasmussen මහතා එම හමුවෙන් අනතුරුව පැවසීය. තම භෞමික අඛණ්ඩතාවයට සහ ග්‍රීන්ලන්ත ජනතාවගේ දේශපාලන තත්ත්වය ස්වාධීනව තීරණය කිරීමට මෙන්ම ඊට බාහිර අත පෙවීම්වලින් නිදහස් වීමට ඇති අයිතියට ගරු නොකරන මතයන්ට ඩෙන්මාර්කය දැඩි ලෙස විරුද්ධ වන බව ද ඔහු අවධාරණය කළේය. කෙසේවෙතත්, සංවාදය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉහළ මට්ටමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට දෙපාර්ශ්වයම එකඟ වූහ.

එදිනම යුරෝපීය රටවල් කිහිපයක් ග්‍රීන්ලන්තයට හමුදා හටයන් යොදවන බවට නිවේදනය කර ඇත. මෙහෙයුමට සහභාගී වීම සඳහා 15වැනිදා සොල්දාදුවන් 13 දෙනෙකු යැවීමට ජර්මනිය තීරණය කර තිබේ.

මේ අතර, ග්‍රීන්ලන්තයයේ ආරක්ෂාව පවත්වා ගැනීමට ඩෙන්මාර්කයට සහාය වීම සඳහා හමුදා යෙදවීමට ප්‍රංශය, ස්වීඩනය සහ නෝර්වේ සූදානමින් සිටී.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයකි. ඇමරිකාව එහි හමුදා කඳවුරක් පවත්වාගෙන යන අතර ට්‍රම්ප් පරිපාලනය නැවත නැවතත් එම ප්‍රදේශය “අත්පත් කර ගන්නා” බවට තර්ජනය කර ඇත. ඊට යුරෝපයෙන් දැඩි ප්‍රතිචාර එල්ල වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here