29.7 C
Colombo
Saturday, August 23, 2025

ගගනගාමීන් සහිතව සහ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් අභ්‍යවකාශ යානා දියත් කිරීමට 2025 වසරේ දී චීනය සූදානම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ චීන අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ කරමින්, ගගනගාමීන් සහිත සිය Shenzhou-20 හා Shenzhou-21 අභ්‍යවකාශ යානා සහ Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය දියත් කිරීමට සියල්ල සූදානම් කර ඇත. අද (20) චීනය එම මෙහෙයුම් තුනෙහි ලාංඡන එළි දැක්වීය.

කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු බැගින් ගමන් කරනු ලබන මෙම Shenzhou-20 හා Shenzhou-21 අභ්‍යවකාශ යානා, Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට නියමිතව තිබේ. එමෙන්ම මෙම වසරේ දෙවන භාගයේදී Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Tianzhou-9 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය ද නිකුත් කිරීමට නියමිතය.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීම අවසන් වීමත් සමඟ චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය භාවිත අදියරට පිවිස ඇත. ඒ සමඟ, වාර්ෂිකව චීනය ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ගුවන් යානා දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානා එකක් හෝ දෙකක් දියත් කිරීමට නියමිතය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here