29 C
Colombo
Thursday, February 26, 2026

කොසෝවෝ බලධාරීන් සර්බියානු ජනතාවගේ ආරක්ෂාව සහ නිත්‍යානුකූල අයිතිවාසිකම් සහතික කළ යුතු බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සර්බියානු ජනතාවගේ ආරක්ෂාව සහ නිත්‍යානුකූල අයිතිවාසිකම් ඵලදායී ව ආරක්ෂා කරන ලෙස චීනය කොසෝවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ඊයේ (21) පැවති කොසෝවෝ ගැටළු පිළිබඳ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල විවෘත සාකච්ඡාවට එක් වෙමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා මේ බව සඳහන් කළේ ය.

බෝල්කන් ප්‍රදේශයේ සංකීර්ණ ජනවාර්ගික සබඳතා ඓතිහාසික හේතූන් නිසා ඇති වී තිබේ. සියලු ජනවාර්ගික කණ්ඩායම්වල දිගුකාලීන හා මූලික අවශ්‍යතා ඉවසිලිවන්තව ඉටු කර ගැනීම සහ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම වැදගත් වන බව ඔහු පැවසීය.

කොසෝවෝ ගැටලුව සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය සැමවිටම පැහැදිළි වන බව Geng Shuang මහතා අවධාරණය කළේ ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල අංක 1244 යෝජනා රාමුව යටතේ, අදාළ සියලු පාර්ශ්වයන් සංවාදය සහ සාකච්ඡා හරහා අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි දේශපාලන විසඳුමක් කරා ළඟා වීමට, චීනය සහය දක්වයි. මෙම ක්‍රියාවලියේ දී, සර්බියාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පූර්ණ ගරුත්වය දැක්විය යුතු ය. කොසෝවෝ ගැටලුවට ඉක්මන් දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය සඳහා චීනය සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන නියෝජිතයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here