26.4 C
Colombo
Thursday, August 21, 2025

කොරියානු යුධ සමයේදී දිවි පිදූ චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 43 දෙනෙකුගේ දේහ අවශේෂයන් දකුණු කොරියාවේ සිට චීනයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කොරියානු යුධ සමයේදී දිවි පිදූ චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 43 දෙනෙකුගේ දේහ අවශේෂයන් දකුණු කොරියාවේ සිට චීනයට භාර ගැනීම සිදුවෙයි. අද (28) පෙරවරුවේ දකුණු කොරියාවේ Incheon හි එම දිවි පිදූවන්ගේ දේහ අවශේෂයන් තාවකාලිකව  තැන්පත් කර තිබූ ස්ථානයක දී එම භාර ගැනීම සිදු විය.චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 43 දෙනෙකුගේ දේහ අවශේෂයන් සහ ඔවුන්ගේ පුද්ගලික භාණ්ඩ 495ක් එහිදී දකුණු කොරියාව  විසින් චීනයට බාර දෙනු ලැබිණ.

ඉන් අනතුරුව එම දේහ අවශේෂයන් හා භාණ්ඩ චීන මහජන විමුක්ති ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකට රැගෙන යන ලදී. දකුණු කොරියාවේ Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඒ වෙනුවෙන් ගාම්භීර උත්සවයක් ද පැවැත්විණ.

පසුගිය 50 දශකය ආරම්භයේ ඇමරිකාව උතුරු කොරියාව ආක්‍රමණය කරමින් යුද්ධයක් දියත් කළේය. උතුරු කොරියාවට සහාය ලබාදීම සඳහා චීනය චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් එම යුද්ධයට සහභාගි කරවීය. උතුරු කොරියාව හා චීනය එක්ව ආක්‍රමණශීලි ඇමරිකානු හමුදා යුද්ධයෙන් පරාජය කිරීම වෙනු‍වෙන් චීන මහජන ස්වේච්ඡා හමුදා භටයෝ 2 ලක්ෂයකට ආසන්න පිරිසක් දිවි පිදූහ. 2014 වසරේ සිට ජගත් නීති හා මානුෂවාදී මූලධර්ම පදනම් ව චීනය හා දකුණු කො‍රියාව එම දිවි පිදූවන්ගේ දේහ අවශේෂයන් ආපසු චීනයට රැගෙන ඒමේ කටයුතු රැසක් සිදු කර තිබේ. මේ වන විට චීන මහජන ස්වේච්ඡා හමුදා භටයන් 981 දෙනෙකුගේ දේහ අවශේෂයන් හා ඔවුන්ගේ පුද්ගලික භාණ්ඩ කොරියාවෙන් චීනයට බාර ගෙන ඇත.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here