කුමන අභියෝග පැමිණියත්, “චීන නිෂ්පාදිත” ලෝකයට නොමැතිවිය නොහැකි බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියැන් මහතා අද(6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.
මෙම වසරේ මුල් මාස හතර තුළ, චීනයේ වෙළඳ භාණ්ඩ ගනුදෙනු වටිනාකම ගිය වසරේ සමාන කාලය හා සැසඳීමේදී 2.4% කින් වැඩි වී ඇති අතර අප්‍රේල් මාසයේ ආනයන හා අපනයන වර්ධන වේගය පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 4.3 ක වර්ධනයක් අත්කර ගෙන ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. චීන ආර්ථික ජවය අඛණ්ඩව මුදා හැරෙන අතර විදේශ වෙළඳාමේ ශක්තිය අඛණ්ඩව වැඩිදියුණු වන බවට එය මනා පිළිබිඹුවකි. බාහිර පරිසරයෙන් පැමිණෙන අභියෝග කවරක් වුවද, චීන වෙළඳපොළ ආයෝජන සඳහා “උණුසුම් භූමියක්” යන්න නොවෙනස් වන බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියැන් මහතා අවධාරණය කළේය.