26.4 C
Colombo
Tuesday, August 26, 2025

කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

කැනඩාව සහ ඇමරිකාව අතර සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බව කැනඩා අග්‍රාමාත්‍ය Mark Carney මහතා ඊයේ(27)Ottawa හිදී  ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වත්මන් වෙළඳ ගිවිසුම් යළිත් උල්ලංඝනය කරමින් කැනඩාවට එරෙහි අසාධාරණ තීරුබදු පනවා ඇතැයි කැනඩා අග්‍රාමාත්‍යවරයා පැවසීය. එබැවින් තවදුරටත් ඇමරිකාව විශ්වසනීය වෙළඳ හවුල්කරුවෙකු නොවන බවත් කැනඩාව හා ඇමරිකාව අතර සමීප සබඳතා පැවති යුගය අවසන් බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ඉදිරියේදී කැනඩා රජය ඇමරිකාව සමග සම්පූර්ණ වෙනස් සබඳතාවක් ගොඩනගනු ඇත. ඇමරිකාවේ තීරුබදු ක්‍රියාමාර්ගවලට එරෙහි කැනඩාවේ විරෝධය වෙළඳ  ක්‍රියාමාර්ග මගින් ම පෙන්නුම් කරනු ඇතැයි ද හෙතෙම පැවසීය.

සියලු ආනයනික මෝටර් රථ සඳහා සියයට 25ක තීරුබදු පැනවීමට තීරණය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 26 වනදා ධවල මන්දිරයේදී විධායක නියෝගයකට අත්සන් කළේය. අදාළ පියවර එළඹෙන අප්‍රේල් මස 2 වනදා සිට බලාත්මකය. ඛනිජ තෙල්වලින් පසුව කැනඩාවේ දෙවැනි විශාලතම අපනයන නිෂ්පාදනය වන්නේ මෝටර රථ නිෂ්පාදනයයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෝටර් රථ තීරුබදු පිළිබඳ තීරණය කැනඩාවේ කම්කරුවන්ට සෘජුව බලපාන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here