26.9 C
Colombo
Monday, August 25, 2025

කාන්තා සංවර්ධනයේ චීන ජයග්‍රහණ ජාත්‍යන්තරයේ ඇගයීමට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන නියෝජිත කණ්ඩායම එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ගේ අයීතීන් පිළිබඳ කොමිසමේ 69වන රැස්වීමට එක් වෙති.

එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේදී පසුගියදා(10) ඇරඹුණු මෙම රැස්වීම ‘බෙයිජිං ප්‍රකාශනය’ හා ‘ක්‍රියාමාර්ගය’ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතීන් විමසා තිබිණ.  චීන රාජ්‍ය මණ්ඩලයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ කමිටුවේ උප අධ්‍යක්ෂ Huang Xiaowei මහත්මිය ප්‍රමුඛ චීන නියෝජිත කණ්ඩායම රැස්වීමට එක් වූහ.

‍ලෝක කාන්තා අයිතිවාසිකම් පිළිබඳ බෙයිජිං සම්මේලනය පැවැත්වීමේ තිස්වැනි සංවත්සරය නිමිති කර ගෙන, ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මුලපිරීම් අනුගමනය කරමින්, මෙම වසරේ දෙවන භාගයේ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සමග එක්ව ගෝලීය කාන්තා සම්මේලනයකට සත්කාරකත්වය දැරීමට චීනය සූදානම් බව Huang Xiaowei මහත්මිය එම රැස්වීම අමතමින් පැවසුවාය.

ක්‍රමික රැකවරණය තහවුරු කිරීම, අරමුදල් ආයෝජනය පුළුල් කිරීම, කාන්තා සංවර්ධනය බලගැන්වීම ඇතුළු පද්ධතිමය ප්‍රතිපත්ති රාමුව හා ක්‍රියාමාර්ග චීනය අඛණ්ඩව ශක්තිමත් කර ඇතැයි ඇය කියා සිටියාය. දශක තුනකින්, දුගීබව තුරන් කිරීම, සෞඛ්‍ය  ආරක්ෂාව හා අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි සිදු වූ සැලකිය යුතු වෙනස්කම් සැසඳීම මගින්, නව යුගයේදී චීන කාන්තාවන්ගේ වේගවත් සංවර්ධනයෙන් ලද දැවැන්ත ජයග්‍රහණ ඇය සිය කතාවෙන් ඉස්මතු කර ඇත. මේ අතර, ආසියාව, යුරෝපය හා අප්‍රිකාව යන කලාපවල කාන්තා සංවර්ධනය හා කාන්තා අයිතීන් වෙනුවෙන් චීනය දැක්වූ සහයෝගය ද ඇය විස්තර ක‍ළාය.

චීනයේ කාන්තා සංවර්ධනයේ ලද ආශ්චර්යමත් ප්‍රගතීන් ලෝක වාසීන්ට විශ්වාසය හා ශක්තිය ගෙන එන බවත් කාන්තා සංවර්ධන ක්ෂේත්‍රයේ චීනය අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම රැස්වීමට එක්වූ විවිධ පාර්ශ්වයන් ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here