චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් ඒකාබද්ධව චීනයේ බෙයිජිං හි කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහි සමාරම්භක උත්සවයට එක්වී දේශනයක් පැවැත්වීය. රටවල් 110කට අධික රාජ්‍ය නායකයෝ, ආණ්ඩු ප්‍රධානීහූ, පාර්ලිමේන්තු නායකයෝ ඇතුළු නියෝජිත පිරිස එම සමුළුවට සහභාගී වූහ. “පොදු ඉරණම: කාන්තා ප්‍රවර්ධන ව්‍යායාමය අංගසම්පූර්ණ සංවර්ධනයක් වේගයෙන් ඉදිරියට ගෙන යාම” යන මැයෙන් වන ප්‍රතිඥාව නැවත තහවුරු කරමින් පොදු එකඟතාවන්ට එක් වෙමින් ඉදිරි අනාගතය බිහි කිරීම අරමුණු කර ගත් එම සමුළුව සාර්ථකත්නයන් අත්පත් කර ගෙන තිබේ.

