ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ප්‍රධානියා සිදු කළ වැරදි ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරයි.
හැකර්වරුන් චීන රජය වෙනුවෙන් සේවය කරන බවට ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ප්‍රධානියා සිදු කළ චෝදනාව පිළිබඳව වාර්තාකරුවෙක් අද (12) චීන විදේශ අමාත්‍යංශයේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ප්‍රතිචාර විමසීය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශක Guo Jiakun මහතා පවසා ඇත්තේ එම නිලධාරියා මේ වසරේ චීනයට එරෙහිව නැවත නැවතත් මඩ ප්‍රචාරක ව්‍යාපාර දියත් කර ඇති අතර, අසත්‍ය තොරතුරු පතුරුවා හැර හිතාමතාම ගැටුම් ඇති කර තිබෙන බවය. ඒ සම්බන්ධයෙන් චීනය ඕස්ට්‍රේලියාවට දැඩි විරෝධය පළ කර ඇති බව ඔහු අවධාරණය කර ඇත.
අදාළ ඕස්ට්‍රේලියානු නිලධාරියා වගකීම් විරහිත ප්‍රකාශ කිරීම නතර කර චීන-ඕස්ට්‍රේලියානු සබඳතාවේ යහපත් සංවර්ධනයට හිතකර සේ කටයුතු කිරීම චීනයේ බලාපොරොත්තුව බව Guo Jiakun මහතා පවසා ඇත.

